දුනුපොත ශ්‍රි අරියවංස පිරිවෙන හා විහාරස්ථානය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර  ආසනයේ පඩුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශිය ලේඛම් කොට්ටාසයේ  දුනුපොත ග්‍රාමසේවා වසමේ පිහිටි අරියවංස පිරිවෙන් විහාරස්ථානය.




අතීතයේ දුනුපොත ග්‍රාමයට හා රත්මල්ල යත ග්‍රාමයන් දෙකට ස්ථිර විහාරස්ථානයක් නොතිබුුනි. රත්මල්ල ග්‍රාමය පාණකඩුව විහාරස්ථානයට දායකත්වය දැරු අතර දුනුපොත ග්‍රාමයේ විහාරස්ථානය බවට පත් වූයේ පොතුහැර විහාරස්ථානයයි.ඒකල තිබූ දැඩි කුල භේදය නිසා යම් යම් අවස්තාවල නිසි පරිදි වතාවත් සිදුකර ගැනිමට හැකියාවක් ප්‍රදේශවාසින්ට ලැබුනු අතර විශාල කරදර භාදක මැද තම වතාවත් සිදුකිරිමට මෙම ග්‍රාමයන් දෙකට සිදු විය.

මෙවකට අටභාගේ අරියවංස හිමි පොල්පිටියේ අග්‍රබෝධි විහාරස්ථානයේ වැඩ වාසය කල අතර මෙම රත්මල්ල ග්‍රාමයේ හා දුනුපොත යන ග්‍රාමයන් දෙකෙහි ප්‍රදේශවාසින් හිමියන් බැහැ දැක ගැටළුව ගැන පවසා අරාධනා කිරිමෙන් අනතුරුව ප්‍රදේශවාසීන්ගේ අරාධනාව පිළිගත් උන්වහන්සේ 1935 දුනුපොත ශ්‍රි අරියවංස විහාරස්ථානය පිහිටවු අතර එවකට රත්මල්ලේ පාසලද ආරම්භය සනිටුහන් කරන ලදි. විහාරස්ථානය ආරම්භ කල නමුත් ස්ථිර ස්වාමීන් වහණ්සේනමක් වැඩ වාසය කලේ නැත.ආරම්භය සනිටුහන් කරමින් 1950 අවුරුද්ද මුල භාගයේදි උඩගෙදර පඤ්ඤාකිත්ති ස්වාමීණ් වහන්සේ මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති විය. මෙකල මෙම විහාරස්ථානයේ නම ශෛලතලාරාමය වු අතර එයින් පසුව විහාරස්ථානය සුදර්ශනාරාමය ලෙස නම වෙනස් විය.නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් නොතිබූනු මේගම් වාසි වැඩිහිටි තරුණ පිරිසට  විහාරස්ථානයේ වෘද්ධ අධ්‍යාපන පාසලක්  ආරම්භ කරන ලදි.

"කාලයත් සමග උඩගෙදර පඤ්ඤාකිත්ති ස්වාමීණ් වහන්සේ තම ගුරුදෙවන් වහන්සේට උපහාරයක් වශයෙන් දුනුපොත විහාරස්ථානය ශ්‍රි අරියවංස පිරිවෙන නමින් නම් කොට. සාමණේර භික්ෂු පුහුණු අයතනයක් බවට පත්කලා". (උපුටා ගැනිමකි) 

 විහාරස්ථානය ආරම්භය 1935‌        

  •    1935-1950 :...............           
  •    1950- 1999:උඩගෙදර පඤ්ඤාකිත්ති ස්වාමීණ්ව හන්සේ
  •    1999:වර්ථමානය තෙක් - රත්මල්ලේ ජිනරතන ස්වාමීන් වහන්සේ                          

                   පිරිවෙන ආරම්භය 1983 
  •    1983-1990:‌ තෙල්ලේකේ  කවිශ්වර හිමි
  •    1990-2000: කළුවිල ඤාණරතන හිමි 
  •    2000-2001:අඹගොල්ලේ චන්දකිත්ති හිමි
  •    2001-වර්ථථමානය තෙක් -උඩුනොවේ සාරද හිමි

                                                                                                                                                                                                                                                        


වර්ථමානයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා

  • විශ්‍රාමලත් පරිවෙනාධිපති  දුනුපොත ශ්‍රි පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරි ගෞරව ශ්‍රාස්වේත්‍රදි පූජ්‍ය පණ්ඩිත රත්මල්ලේ ජිනරතන මහා ස්ථවීර.
  •  නියොජ්‍යය පරිවෙනාධිපති සාම විනිසුරු ත්‍රිපිටකවේදි ශ්‍රාස්ථවේදි රත්නටුවේ කස්සප ස්ථවීර. 
  • පරිවෙනාධිපති  ශ්‍රි ලංකා රාමඤ්‍ඤ මහා නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරි  පණ්ඩිත අධ්‍යාපන ඩිප්ලෝමා උඩුනෝවේ සාරද ස්ථවීර.


(අදහස්,යෝජනා,උපදෙස් පහලින් Comment කරන්න) 



Comments

Post a Comment