TAB නැතුව ලියුමක් හදමුද Microsoft word document තුළ ලිපියක් සකස් කිරිමේදී ඔබට බොහෝ ගැටළු මතුවෙනවා නිසැකය . ප්‍රධාන වශයෙන් ලිපියේදී අවශ්‍ය පේලි එක පෙලට තබා ගැනිමේ ගැටළු යි . මේ ගැටලු සියල්ල මඟහරවා ගැනිමෙන් නිසි පරිදි ඉතාම ලෙහෙසියෙන් ලිපිය සකස් කරගැනීමට මෙයින් ඔබට හැකියාව හිමිවේ . එ සදහා ඔබට අවශ්‍ය වන්නේ insert හි තිබෙන text box භාවිතා කිරීමයි . · මෙලෙස text box අවශ්‍ය ප්‍රමාණයක් ලබාගත හැකිය . · Text box අවශ්‍යය ස්ථානයේ තබාගැනීමට ( Text box select කර Format-Wrap text-Behind Text ) Text box select කර අවශ්‍යය තැනින් තබා ගන්න . Text box භාවිතා කිරිමේදී ඒ වටා තිබෙන line ඉවත් කිරීමට (Text box select කර Format-Shape Outline-No outline ) මෙලෙස ඔබට අවශ්‍ය ලිපිය ඉතා ඉක්මනින්ම TAB භාවිත නොකර සකස් කිරීමට හැකිය .
Posts
- Get link
- X
- Other Apps
ENGLISH IDIOMS ශබ්දකෝෂය භාවිතයෙන් අර්ථය සෙවිය නොහැකි ඉංග්‍රිසි භාෂාවේ විශේෂ යෙදුම් . " මේ වාක්‍යයේ හැම වචනයකම තේරුම මම දන්නවා ඒත් මෙ වාක්‍යයෙන් කියන්නේ මොකක්ද කියලා මට තෙරෙන්නේ නෑ . ඉංග්‍රිසි දන්නා අයෙක් පැවසු හෝ පොතක තිබු වාක්‍යය දැක ඔබට එසේ සිතන්නේ නම් බොහෝ විට ඒ ඔබ ඉඩියම් ගැන නොදන්නා නිසාය ” ඔබ යම් තරගයකට යන විට ඒ බව දැනගත් අසල්වැසියෙකු ඔබ අමතා “ Break A Leg ” යයි පවසයි එවිට ඔබ ඉඩියම් ගැන නොදන්නේ නම් “ මෙයා මොකද මට කකුල් කඩන්න ” කියන්නේ යයි සිතමින් කෙන්තියෙන් අහක බලා යනු ඇත . නමුත් ඔබ ඉඩියම් දන්නේ නම් “Thank You,Uncle” යයි පවසාවි . ඉඩියම් යනු වචන කිහිපයකින් සෑදුණු වාක්‍යය කණ්ඩයකි . එහි එක් එක් වචන වල අර්ථය දැනගැනිමෙන් ඉඩියමක අර්ථය තේරුම් ගත නොහැකි බව ඉහත උදාහරණයෙන් පෙනේ . ඉඩියමක අර්ථය ශබ්දකෝෂ ...
- Get link
- X
- Other Apps
සිිපා කරුණා “ කව්රුහරි කෙනෙක් මගෙන් ඇහුවොත් මේ ලෝකේ ආසම තැන කොහෙද කියලා මගෙ උත්තරේ වන්නේ සිරීපාදේ තමයි . මුළු හැටන් වලටම , පළාබද්දලටම , අඩවිකන්ද , එරන්තනටම ආදරේ කරන්න පෙලඹිලා ඒක හෙතුවක් නිසා නෙවේ කියලා ඉවරකරන්න බැරි ගොඩක් හේතු නිසා . වැඩියෙන්ම ආස වැස්ස එක්ක , සීතල සුලග ඒක්ක අත්වැට අල්ලන් සිරීපා කන්ද නගින්න තමා . ඇත්තටම සිරීපාදේ කියන්නේ භාවනාවක් හිත නිවන භාවනාවක් අසීමාන්තිකව ඒත් එක්ක බැදුනු හැම දේටම පෙම් කරනවා .” ( An excerpt) අද ( 29) උඳුවප් පෝ දිනයෙන් ඇරඹෙන සිරි පා වන්දනා වාරය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩසලසා ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසන අතර ඊයේ දිනයේදී(28) ඇරඹූ චාරිත්‍රානුකූල පෙරහැර සහ ඉදිරි තේවා කටයුතුද සීමිත පිරිසකට පමණක් සීමා කර තිබුනි. සිරීපාදේ ................. කදු පංති රාශියකින් වට වූ සුන්දර සිරීපාදේ පෙනෙන දුරින් මීටර් 2000 වඩා උස කදු ගනනාව...
- Get link
- X
- Other Apps
දුනුපොත ශ්‍රි අරියවංස පිරිවෙන හා විහාරස්ථානය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර ආසනයේ පඩුවස්නුවර නැගෙනහිර ප්‍රා දේශිය ලේඛම් කොට්ටාසයේ දුනුපොත ග්‍රාමසේවා වසමේ පිහිටි අරියවංස පිරිවෙන් විහාරස්ථානය. අතීතයේ දුනුපොත ග්‍රාමයට හා රත්මල්ල යත ග්‍රාමයන් දෙකට ස්ථිර විහාරස්ථානයක් නොතිබුුනි. රත්මල්ල ග්‍රාමය පාණකඩුව විහාරස්ථානයට දායකත්වය දැරු අතර දුනුපොත ග්‍රාමයේ විහාරස්ථානය බවට පත් වූයේ පොතුහැර විහාරස්ථානයයි.ඒකල තිබූ දැඩි කුල භේදය නිසා යම් යම් අවස්තාවල නිසි පරිදි වතාවත් සිදුකර ගැනිමට හැකියාවක් ප්‍රදේශවාසින්ට ලැබුනු අතර විශාල කරදර භාදක මැද තම වතාවත් සිදුකිරිමට මෙම ග්‍රාමයන් දෙකට සිදු විය. මෙවකට අටභාගේ අරියවංස හිමි පොල්පිටියේ අග්‍රබෝධි විහාරස්ථානයේ වැඩ වාසය කල අතර මෙම රත්මල්ල ග්‍රාමයේ හා දුනුපොත යන ග්‍රාමයන් දෙකෙහි ප්‍රදේශවාසින් හිමියන් බැහැ දැක ගැටළුව ගැන පවසා අරාධනා කිරිමෙන් අනතුරුව ප්‍රදේශවාසීන්ගේ අරාධනාව පිළිගත් උන්වහන්සේ 1935 දුනුපොත ශ්‍රි අරියවංස විහාරස්ථානය පිහිටවු අතර එවකට රත්මල්ලේ පාසලද ආරම්භය සනිටුහන් කරන ලදි. විහාරස්ථානය ආරම්භ කල න...