“කව්රුහරි කෙනෙක්
මගෙන් ඇහුවොත් මේ ලෝකේ ආසම තැන කොහෙද කියලා මගෙ උත්තරේ වන්නේ සිරීපාදේ තමයි. මුළු හැටන්
වලටම,පළාබද්දලටම,අඩවිකන්ද,එරන්තනටම ආදරේ
කරන්න පෙලඹිලා ඒක හෙතුවක් නිසා නෙවේ කියලා ඉවරකරන්න බැරි ගොඩක් හේතු නිසා. වැඩියෙන්ම
ආස වැස්ස එක්ක,සීතල සුලග
ඒක්ක අත්වැට අල්ලන් සිරීපා කන්ද නගින්න
තමා.
ඇත්තටම සිරීපාදේ කියන්නේ භාවනාවක් හිත නිවන භාවනාවක් අසීමාන්තිකව
ඒත් එක්ක බැදුනු හැම දේටම පෙම් කරනවා.”( An excerpt)
අද (29) උඳුවප්
පෝ දිනයෙන් ඇරඹෙන සිරි පා වන්දනා වාරය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට
අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩසලසා ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ
ධම්මදින්න හිමියන් පවසන අතර ඊයේ දිනයේදී(28) ඇරඹූ චාරිත්‍රානුකූල පෙරහැර සහ ඉදිරි
තේවා කටයුතුද සීමිත පිරිසකට පමණක් සීමා කර තිබුනි.
සිරීපාදේ.................
කදු පංති
රාශියකින් වට වූ සුන්දර සිරීපාදේ පෙනෙන දුරින් මීටර් 2000 වඩා උස කදු ගනනාවක් පිහිටයි
ඒ අතරින් කිහිපයක්
- හක්ගල 2169
- නමුණුකුල 2060
- රම්බොඩ කන්ද 2250
- බෑන සමනල 2010
- මහාමුණි කන්ද 2060
අද දින ඇරඹු කරුනා සමය රට වාසී ලෝක වාසී සියළු දෙනාට ඇති වී තිබෙන මෙම වසංගතය තුරන් වීමට ආශිර්වාදක්ම වේවා.!


Comments
Post a Comment